tripitakafacts.org

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!

මෙම වෙබ් අඩවිය දහම සොයනා ඔබ හට ඉදිරිපත් කරන්නේ ශ්‍රී බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව උපයෝගී කරගෙනය. මේ හරහා අපි පහත අරමුණු සපුරාගැනීමට බලාපොරොත්තු වෙමු.

  • අත්‍යවශ්‍ය කරුණු පහසුවෙන් සොයාගැනීමේ හැකියාව ලබාදීම.
  • සොයන වචන පෙළට අදාල ත්‍රිපිටක පිටු වැදගත් යයි අප විසින් සම්මත කරගත් අනුපිලිවලකට ඉදිරිපත් කිරීම (උදා: අර්ථ දැක්වීම් පළමුව ඉදිරිපත් කිරීම).
  • ත්‍රිපිටක පිටු අපගේ විචාරයකින් තොරව, ත්‍රිපිටකයේ ඇති ලෙසම ඉදිරිපත් කිරීම.
  • සෙවීමකට අදාළ සියලු පිටු එකම වෙබ් පිටුවක් තුල අධ්‍යයනය කිරීමේ හැකියාව ලබාදීම.


සෙවීමකට පිළිතුරු ලෙස ඉදිරිපත් කරන ත්‍රිපිටක පිටු ලබාදීම සදහා භාවිතා වන්නේ අප කළණ මිතුරන් විසින් දත්ත ඇතුලත් කිරීමේ පිටුව හරහා අප වෙත ලබාදෙන කරුණු වේ. එම නිසා සමහර විට පෙන්වන පිටු සෙවීමට අදාල නොවීමට හැකියාව ඇත. එහෙම අවස්ථාවක් දුටුවොත් අප වෙත දන්වන ලෙස (info@tripitakafacts.org) කරුණාවෙන් ඉල්ලා සිටිමු.

හැකි විටකදී ත්‍රිපිටකයෙන් ඡේදයක් කියවා එම දත්ත ඇතුළු කර මෙම කර්තව්‍යට දායක වන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    දත්ත ඇතුළු කිරීම

දත්ත ඇතුළු කිරීමේ පිටුවේදී ඔබට අවශ්‍ය පිටුවක් කියවිය හැක. මෙය තුල පිටුව බැලීම අත්‍යවශ්‍ය නොවුනත් එය නිවැරදි දත්ත ඇතුළු කිරීමට ඔබහට උපකාර වනු ඇත. දත්ත ඇතුළු කිරීමේදී පහත කරුණු පිළිබද සැලකිළි වන්න.

  • වැදගත් වචන, පාඨ සහ සාරාංශය ඇතුළු කිරීමේදී සිංහල පමණක් භාවිතා කරන්න. ඒ සඳහා ඔබට google input tools භාවිතා කර හැක.
  • වැදගත් යයි වචන හෝ පාඨයන් ඇති ඡේද පමණක් ඉදිරිපත් කරන්න.
  • ඔබ ඇතුළු කරනා අංකයන් නිවැරදි දැයි පරික්ෂා කර බලන්න.
  • අක්ෂර නිවැරදි දැයි නැවත පරික්ෂා කර බලන්න.
  • සාරාංශය ඉදිරිපත් කිරීමේදී කෙටියෙන් ඔබේ වචනයෙන් ඉදිරිපත් කරන්න
  • පරිවර්තන දෝෂ ඇති බැවින් හැකිනම් එයද විමසා ඒ බව අදාල තැන දක්වන්න.
  • වැඩිදුර අදහස් දැක්වීමේදී හැකිනම් කුමන ප්‍රශ්නයකට පිළිතුර එම ඡේදය තුලින් හමුවේද යන්නද, වෙනත් අදහස් ඇතිනම් ඒවාද සදහන් කරන්න.

පෝරමය භාරදීමට පෙර ආරක්ෂක උපක්‍රමයක් ලෙස Google reCAPTCHA භාවිතා කරයි. මෙවැනි පෝරම ලබාදෙන වෙබ් අඩවි වල සම්මතයක් ලෙස මෙම ආරක්ෂක ක්‍රමය යොදාගැනේ. සමහර අවස්ථා වලදී ඔබට කීප වරක් පින්තූර තේරීමට සිදුවනු ඇත. එහිදී වන අපහසුතාවයක් ඇතිනම් එයට tripitakafacts.org අප සමාව අයදිමු.

    පුන්‍යාණුමෝදනාව

බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව අද ඇති තත්වයෙන් අපහට ලබාදීමට උර දුන් ගිහි පැවිදි සියළුම දෙනාට එම පින නිවන පුර්ණ කිරීමටම උපනිශ්‍රය වේවා! අප විසින් කරා වූ යම් පිනක් ඇතිනම් එම පින ඒ සියලු දෙනාගේම යහපත පිණිස අනුමෝදන් කරන්නෙමු! එම පින අනුමෝදන් වී අරි අටඟි මගට පිවිසියා වූ අයට මඟ පුර්ණ කිරීමටත්, සුගතියක පෘතග්ජනව සිටී නම් සියලු බාධා දුරු වී අවැඩින් මිදී අරි අටඟි මගට පිවිසීමත්, අගතියක සිටී නම් ඉන් මිදී සුගතියක ආයු වර්ණ සැප බල ඇතිව ඉපදීමටත්, නිවන් මගට පිවිසීමටත් හේතු වේවා! හේතු වේවා!! හේතු වේවා!!! සතුටු සිතින් අනුමෝදන් වේවා! අනුමෝදන් වේවා!! අනුමෝදන් වේවා!!!

සාදු! සාදු! සාදු!